සිරවූ කවි සිතුවිලි

පොතක පතක පිටු අතරින්

පෑන් තුඩක් නිදහසේට

සිත තුළ ඉතිරුණු සිතිවිළි

සොරා ගත්තා එක කාලෙක



පෑන් තුඩට උකහා ගත්

ඒ සිතිවිළි එකින් එකට

තාලයකට කලාවකට

පිටු අතරේ කුරුමිණිකුරු සිතුවම් කෙරුණා



සංකීර්ණ වූ ජීවිතයක

සිතිවිළි එහෙ මෙහෙ විසිරී

පෑන් තුඩත් පොත් අතරෙහි

තනිවීලා සුසුම් හෙළන්නේ


ඉරෝෂිණී (July 2016)