පිය සෙනෙහෙ

නිතරම ගෝරනාඩුවකි වදනින් නිකුත් වුණේ
හදතුල ඇති සෙනෙහෙ මුවගින් වසන් වුණේ
දිවිබර ඉසිලුවත් දොස් නෑ සවනට වැකුණේ
මා ගැන නොබැලුවත් ඔහු ගැන බලන් දුවේ

සැමදා මා ලැබුව පිය සෙනෙහස අඩු නැතුව
ඔබටද ලැබෙන හැටි දුටු විට නිබඳව තුටුව
ඔහු වෙත ඇති සෙනෙහෙ දලුලයි හද පැතුව
සෙනෙහෙබර පියෙකි ඔහු, දුවණිය ඔබ ලැබුව

ඉරෝෂිණී/ 2018 සැප්