කොරෝනා

ළඟින් හිටිය මිතුරියො රැළ
මොහොතින් සතුරන් උනාද
දෙවෙනි මවක් ලෙස ළඟ සිටි
ගුරු සෙනෙහස ගොළු වුණාද

දහසක් සෙනඟක් අතරේ
මොහොතින් සිත තනි උනාද
පොඩි හදවත පිපිරී ගොස්
නෙතු කඳුළින් පිට වුණාද

දයාව කරුණාව කැඩී
උඩු සුළඟට විසුරුණාද
කොරොනාව සුනාමියට
මනුස්සකම අසු වුණාද

(based on news about a schoolgirl who had fever in the school on 28th)