
හිත කළබලයි හද දුක්බරයි
ඇඳිරි නීතිය නිසාවෙන් අද
ඔබ ළඟට වී සහය දෙන්නට
චූටි මල්ලියේ වෙනදා විලසට
එන්න විදියක් නෑ
අත්බණුව දෙස කන් යොමාගෙන
නුඹ පියෙකු වුණ පණිවුඩය ගෙන
සිටියමුත් සිත රවටමින් මම
දකිනතුරු මව් සමඟ පොඩි පුතු
හිතට නිවනක් නෑ
ඉරෝෂිණී/3rd May 2020
IRO's Blog
හිත කළබලයි හද දුක්බරයි
ඇඳිරි නීතිය නිසාවෙන් අද
ඔබ ළඟට වී සහය දෙන්නට
චූටි මල්ලියේ වෙනදා විලසට
එන්න විදියක් නෑ
අත්බණුව දෙස කන් යොමාගෙන
නුඹ පියෙකු වුණ පණිවුඩය ගෙන
සිටියමුත් සිත රවටමින් මම
දකිනතුරු මව් සමඟ පොඩි පුතු
හිතට නිවනක් නෑ
ඉරෝෂිණී/3rd May 2020
ළඟින් හිටිය මිතුරියො රැළ මොහොතින් සතුරන් උනාදදෙවෙනි මවක් ලෙස ළඟ සිටි ගුරු සෙනෙහස ගොළු වුණාද
දහසක් සෙනඟක් අතරේදයාව
කරුණාව කැඩී
උඩු සුළඟට විසුරුණාද
කොරොනාව සුනාමියට
මනුස්සකම අසු වුණාද
(based on news about a schoolgirl who had fever in the school on 28th)