පිය සෙනෙහෙ

නිතරම ගෝරනාඩුවකි වදනින් නිකුත් වුණේ
හදතුල ඇති සෙනෙහෙ මුවගින් වසන් වුණේ
දිවිබර ඉසිලුවත් දොස් නෑ සවනට වැකුණේ
මා ගැන නොබැලුවත් ඔහු ගැන බලන් දුවේ

සැමදා මා ලැබුව පිය සෙනෙහස අඩු නැතුව
ඔබටද ලැබෙන හැටි දුටු විට නිබඳව තුටුව
ඔහු වෙත ඇති සෙනෙහෙ දලුලයි හද පැතුව
සෙනෙහෙබර පියෙකි ඔහු, දුවණිය ඔබ ලැබුව

ඉරෝෂිණී/ 2018 සැප්

මගේ පැතුම

Picture from: https://clipartxtras.com/
වතේ නැගි ඩා බිඳු වියැළුණාදෙන්
ගතේ නැගි දාහය වියැකුණාදෙන්
නෙතේ බර ඇසිපියෙහි තැවරුණාදෙන්
සිතේ පිරි තනිකම සැඟවුණාදෙන්
හදේ සැනසුම පිටු අතර වැළලුනාදෙන්
කවක් වී එය මුවග පිළිරැව් වුණාදෙන්
මගේ වෑයම සැමට සැනසුම ගෙනාදෙන්

සියලු යුතුකම් පැතූ ලෙස ඉටු වුණාදෙන්



ඉරෝෂිණී/ 2018 සැප්තැම්බර්