~වැට බැඳුණු සොයුරු පෙම~

හිත කළබලයි හද දුක්බරයි
ඇඳිරි නීතිය නිසාවෙන් අද
ඔබ ළඟට වී සහය දෙන්නට
චූටි මල්ලියේ වෙනදා විලසට
එන්න විදියක් නෑ

අත්බණුව දෙස කන් යොමාගෙන
නුඹ පියෙකු වුණ පණිවුඩය ගෙන
සිටියමුත් සිත රවටමින් මම
දකිනතුරු මව් සමඟ පොඩි පුතු
හිතට නිවනක් නෑ

ඉරෝෂිණී/3rd May 2020