යටිහිත

තැනින් තැන විසිරෙනා
අරමුණක නොරඳනා
කාලයට නොනැමෙනා
හිතුවක්කාර යටිහිත
යදම්ලා යතුරුලා
ඇති නමුත් පසෙකලා
ජීවිතය හසුරුවන
හිතුවක්කාර යටිහිත
අගාධය පෙනී පෙනී
දැක දැකත් විනාශය
ඒ දෙසට නෙත් යොමන
හිතුවක්කාර යටිහිත
බුදු දහම් අමා ගඟ
තුළ ගිලී මතු දිනෙක
කරමි මා ඔබ යටත්
හිතුවක්කාර යටිහිත

-Iroshini/Jan2019

වෙනස

අතට ගත්ත කිසිම පොතක් 
එක හුස්මට කියවාලා
ඉවර නොකර කිසි දවසක 
පසෙක නොකළ මං

බොඳවෙන ‘කුරු අතරමැදින් 
වෙහෙසෙන ඇස් මඟහරිමින්
දිනකට පිටු කිහිපයකින් 
සැනසෙන්නෙමි දැං
කළු ඝන දිගු කෙස් කළඹට 
සැඟව වැඩුණු සුදු ගස් දෙක
පිදුරු ගොඩක ඉඳිකටු ලෙස 
ගණන් නොගත් මං

මඳ සුළඟට හෝ විසිරෙන 
ඉතිරිව ඇති ගෙඳ කොණ්ඩය

රජ කරවන සුදු කෙස් දැක 
සුසුම් හෙළයි දැං


Iroshini/Jan 2019

Ordinary life

I wished for an ordinary life
Which there’s nothing to hype
Ordinary husband, house and children
Nothing is so special for pretension

Nowadays the speciality is abundant
Everyone gets a lot of things to vaunt
Due to the rareness and unavailability
Ordinariness has become extraordinary

Iroshini-Dec 2018