අතට ගත්ත කිසිම පොතක්
එක හුස්මට කියවාලා
එක හුස්මට කියවාලා
ඉවර නොකර කිසි දවසක
පසෙක නොකළ මං
පසෙක නොකළ මං
බොඳවෙන ‘කුරු අතරමැදින්
වෙහෙසෙන ඇස් මඟහරිමින්
දිනකට පිටු කිහිපයකින්
සැනසෙන්නෙමි දැං
සැනසෙන්නෙමි දැං
කළු ඝන දිගු කෙස් කළඹට
සැඟව වැඩුණු සුදු ගස් දෙක
සැඟව වැඩුණු සුදු ගස් දෙක
පිදුරු ගොඩක ඉඳිකටු ලෙස
ගණන් නොගත් මං
ගණන් නොගත් මං
මඳ සුළඟට හෝ විසිරෙන
ඉතිරිව ඇති ගෙඳ කොණ්ඩය
රජ කරවන සුදු කෙස් දැක
සුසුම් හෙළයි දැං
Iroshini/Jan 2019